2021 වසරේ ගෑස් ආශ්රිත පිපිරීම් 847ක් – 07ක් මරුට
- Editor
- December 20, 2021
- පුවත් සහ වාර්තා, විමර්ශන
- featured
- 0 Comments
මේ වසරේ පමණක් රට පුරා ගෑස් ආශ්රිත පිපිරීම් 847ක් පොලිසියට වාර්තා වී ඇති අතර එම පිපිරීම්වලින් පුද්ගලයන් 7 දෙනෙකු මිය ගොස් 16 දෙනෙකු තුවාල ලබා ඇතැයි අද (20) දින ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කළේය.
එම වාර්තාවේ මෙසේ ද සදහන් වේ, සමස්ත සිදුවීම්වලින් 797 ක් ලිට්රෝ ගෑස් සිලින්ඩර් පිපිරීම් හේතුවෙන් සිදුවූ අතර ලාෆ්ස් ගෑස් කාන්දුවීම් සම්බන්ධ පිපිරීම් 50ක් වාර්තා වී ඇත. මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට මේ දක්වා දේපළ හානි 18ක් ද වාර්තා වී ඇත. වාර්තාවකට අනුව ගෑස් උදුන පිපිරීම් හේතුවෙන් සිද්ධීන් 477 ක් වාර්තා වී ඇති අතර ගෑස් කාන්දුවීම් 299 ක් සහ ගෑස් නලයට හානි 52 ක් වාර්තා වී තිබේ.
නියාමක යන්ත්රවලට හානි සිදුවීමෙන් සිද්ධීන් 15ක් සහ ගෑස් සිලින්ඩරයකට හානි කිරීමේ සිද්ධියක් ද මේ වසරේ වාර්තා විය. ගෑස් පිපිරීම් හේතුවෙන් මාරාන්තික සිදුවීම් වාර්තා වූ ප්රදේශ අතර තලාතුඔය, මරදාන, වැලිකඩ, කොට්ටාව, කඳපොල, මාතලේ සහ මහනුවර ප්රදේශ වේ.

