2021 අංක 18 දරන මුදල් පනත අද සිට බලාත්මකයි
- Editor
- September 15, 2021
- ආර්ථික සහ ව්‍යාපාරික, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
2021 අංක 18 දරන මුදල් පනත් කෙටුම්පතට ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (15) පෙරවරුවේ සිය සහතිකය සටහන් කළේය.
ඉකුත් 07 වැනිදා මෙම පනත කෙටුම්පත පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනුණු එය සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් සම්මත විය.ඊට පක්ෂව ඡන්ද 134 ක් ලැබුණු අතර, විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 44 කි.
මුදල් පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීමේදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඡන්ද විමසීමක් ඉල්ලා සිටිම හේතුවෙන් මෙම ජන්ද විමසීම පැවැත්විණ. ඒ අනුව මෙම පනත අද (15) සිට බලාත්මක වේ.

