2012 විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට
- RSL
- October 19, 2011
- Uncategorized
- 0 Comments
2012 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න ඊයෙ (18 ඔක්.) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
ඒ අනුව රජයේ සේවා වියදම රුපියල් එක්ලක්ෂ විසිඅටදහස් හාරසිය විසිඅටකෝටි, හතලිස් හතර ලක්ෂ හැත්තෑ එක් දහසකි.
රුපියල් බිලියන 229.9 ක් වු වැඩිම මුදල රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය වෙනුවෙන් වෙන්කර ඇත.
ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 104.5 ක් වෙන්කර ඇති අතර අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා රුපියල් මිලියන 3,326 කට ආසන්න මුදලක්ද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහා වෙන්කර රුපියල් මිලියන 7,399 ද වෙන් කර ඇත.