15 හැවිරිදි දැරිය දූෂණය කළ මාලදිවයිනේ හිටපු මුදල් ඇමැතිට ඇප – තවත් 03ක් යළි රක්ෂිතයට
- Editor
- July 16, 2021
- පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
ගල්කිස්ස ප්‍රදේශයේ පහළොස් හැවිරිදි දැරියක් අන්තර්ජාලය ඔස්සේ මිල දී ගෙන දූෂණය කිරීමේ සිද්ධියට අදාළව සිදුකළ හඳුනාගැනීමේ පෙරෙට්ටුවේදී එම දැරිය විසින් අද (16) සැකකරුවන් සිව් දෙනකුව හඳුනා ගත්තාය.
දැරිය විසින් හඳුනාගත් සැකරුවන් වූයේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි මාලදිවයිනේ හිටපු මුදල් රාජ්‍ය අමාත්‍යවරයෙක් වන මොහොමඩ් අෂ්මලි, බම්බලපිටිය සහ ගල්කිස්ස ප්‍රදේශයේ පිහිටි හෝටල් දෙකක කළමනාකරුවන් දෙදෙනෙකු සහ හෝටල් සේවකයෙකි.
මාලදිවයන් හිටපු මුදල් ඇමැතිවරයාට සම්බන්ධ පරීක්ෂණ කටයුතු අවසන් වී තිබූ හෙයින් මහෙස්ත්‍රාත්වරිය ඔහුව රුපියල් 25,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 50ක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියම කළ අතර අනෙක් සැකකරුවන් තිදෙනාගේ විමර්ශන අවසන් නොමැති හෙයින් ඔවුන්ව ජුලි 29 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කළාය.
මේ වන විට මෙම සිදුවීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් 41 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙන බවයි පොලිසිය වාර්තා කළේ.
