13 ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමේ සටනට මෛතී‍්‍රපාල සිරිසේන පෙරමුණ ගනී
- RSL
- September 16, 2011
- Uncategorized
- 13 ව්‍යවස්ථා සංශෝධනය, මෛතී‍්‍රපාල සිරිසේන
- 0 Comments
පසුගිය දා වාර්තා වූයේ පශ්චාත් යුද සමය තුළ සංහිඳියාව ඇති කිරීම සඳහා 13 වන ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කරන මෙන් බ්ලේක් මහතා සිය ශ‍්‍රී ලංකා සංචාරය තුළදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවයි.
මේ අනුව 13 ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමේ සටනට මුල් වී කටයුතු කිරීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මෛතී‍්‍රපාල සිරිසේන මහතා තීරණය කර ඇතැයි වාර්තා වේ.
බලය බෙදීම පිළිබඳව මෛත‍්‍රීපාල සිරිසේන අමාත්‍යවරයා රජයට පක්‍ෂාපාතී වාමාංශික පක්‍ෂ හා එක්ව සාකච්ඡා කර ඇති බවද ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර, 13 වන ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කිරීමට තිස්ස විතාරණ, ඩිව් ගුණසේකර, නිමල් සිරිපාල ද සිල්වා හා වාසුදේව නානායක්කාර යන ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් පසුගිය පාර්ලිමේන්තු සැසිවාරය අතරතුරදී පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති සුහද සාකච්ඡාවලදී සහාය පළ කර ඇති බවද වාර්තා වේ.