හෙට සිට ‘බූස්ටර් එන්නත් සතියක්‘ ප්‍රකාශයට පත් කරයි
- Editor
- January 28, 2022
- පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
ශ්‍රී ලංකාවේ කොවිඩ් එන්නත් කිරීමේ වැඩසටහනේ පළමු වසර සම්පූර්ණ කිරීමට සමගාමීව හෙට (29) සිට බූස්ටර එන්නත් සතියක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සැලසුම් කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. ප්‍රවර්ධන බූස්ටර එන්නත් කිරීමේ වැඩසටහන දිවයින පුරා රෝහල්වල සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල (MOH) පවත්වනු ලැබේ. එන්නත් කිරීමේ වැඩසටහන නිල වශයෙන් ජනවාරි 29 වන දින ආරම්භ කරන ලද අතර මේ වන විට Covid-19 එන්නත් මාත්‍රා මිලියන 51 කට වැඩි ප්‍රමාණයක් රට වෙත ගෙනවිත් ඇත

