හෙක්ටයාර් දෙකකට වැඩිනම් ගොවීන්ට ගිනි අවි බලපත්‍ර
- Editor
- November 14, 2021
- කෘෂිකර්මය, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
වගා හෙක්ටයාර දෙකකට වඩා ඇති ගොවීන් සඳහා ගිනි අවි බලපත්‍ර නිකුත් කිරීමට අනුමැතිය ලබාදුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
මීට පෙර ගිනි අවි බලපත්‍ර ලබා දුන්නේ හෙක්ටයාර පහකට වඩා වගාවන් ඇති ගොවීන්ට පමණක් බව කී අලුත්ගමගේ මහතා වල් ඌරන් වැනි වන සතුන්ගෙන් වන හානිය ඉතා ඉහල බවට ගොවීන්ගෙන් ලද පැමිණිලි සලකා බලා ඉහත තීරණය ගත් බව සඳහන් කළේය.
ප්‍රවාහනයේ දී සහ වන සතුන්ගෙන් වන හානි නිසා ශ්‍රී ලංකාවේ කෘෂි නිෂ්පාදන වලින් 40% ක 50 %ක පමණ ප්‍රතිශතයක් නාස්ති වන බව ද කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේය.

