හාල්මැස්සන් සහ කරවල කිලෝවකට රු. 100ක නව බද්දක්
- Editor
- August 14, 2021
- ආර්ථික සහ ව්‍යාපාරික, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
හල්මැස්සන් කිලෝවක් සදහා රුපියල් 100ක බද්දක් සහ කරවල කිලෝවක් සදහා රුපියල් 100ක් සහ කුරක්කන් පිටි කිලෝවක් සදහා රුපියල් 150ක් වශයෙන් වෙඬරු, කිරිවලින් නිපදවූ තැවරුම්, උළුහාල් ඇට, අබ ඇට, මේස ලුණු ආදිය සදහා විශේෂ වෙළෙද භාණ්ඩ බද්දක් පැනවීමට රජය පියවර ගෙන තිබෙනවා.
අගෝස්තු මස 12 වනදා සිට වසරක කාලයක් සඳහා මෙම බදු නියෝග ක්‍රියාත්මක බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන් වෙනවා.
විශේෂ වෙළෙඳ භාණ්ඩ මත බදු පනවමින් සහ මීට පෙර නිකුත්කර තිබූ ගැසට් නිවේදන අවලංගු කරමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් පසුගිය 11 වැනි දා නව අති විශේෂ ගැසට් නිවේදනය නිකුත්කර තිබෙනවා.



