හාල්මැස්සන් – කරවල ඇතුළු ආහාර ද්‍රව්‍ය කිහිපයක බදු තවත් වසරකින් දීර්ඝ කරයි
- Editor
- August 14, 2021
- පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
ඇතැම් මාධ්‍ය වාර්තා කරන ලද ආකාරයට කරවල සහ ආනයනික හාල්මැස්සන් මත නව බදු වැඩිකිරීමක් සිදුකර නොමැති බවත් සිදුකරනු ලද්දේ 2020 සැප්තැම්බර් මස 30 වැනි දින පනවන ලද බදුවල කාලය තවත් වසරකින් දීර්ඝ කිරීම බවත් මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
එම ගැසට් නිවේදනය සහ දේශීය ලුණු කර්මාන්තය ආරක්ෂා කිරීම සඳහා සියළුම භාවිතයන් සඳහා ගන්නා ආනයනික ලුණු සඳහා කිලෝග්‍රෑමයට රුපියල් 40ක බද්දක් පැනවීම සිදු කළ බවද ඉන් වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.[googlepdf url=”https://s.readsrilanka.com/wp-content/uploads/2021/08/Finance_1.pdf” ]

