සෝල් අගනුවර තෙරපීමකින් 150 කට ආසන්න පිරිසක් මරුට
- Editor
- October 30, 2022
- උණුසුම් පුවත්
- 0 Comments
දකුණු කොරියාවේ සෝල් අගනගරයේ පැවති හැලොවීන් සැමරුමක් අතරතුර දී ඇතිවූ තෙරපීම හේතුවෙන් විශාල පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව මේ වන විට අවම වශයෙන් පුද්ගලයින් 149 දෙනෙකු මිය ගොස් ඇති අතර පුද්ගලයින් 76 ක් පමණ තුවාල ලබා ඇති බවයි එරට බලධාරීන් සඳහන් කරන්නේ.
කොවිඩ් වලින් පසු පවත්වන ලද පළමු මුහුණු ආවරණ නොපළඳින ලද හැලොවීන් සැමරුම මෙය වන අතර මෙම තත්ත්වය ඇතිවීමට හේතුව සොයා තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.

