සීතා අරඹේපොල කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයේ දිවුරුම් දෙයි
- Editor
- September 13, 2024
- පුවත් සහ වාර්තා
- news
- 0 Comments
කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයට පත් කෙරුණු විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය අද (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ එම ධූරයේ දිවුරුම් දුන්නාය.
සීතා අරඹේපොල මහත්මිය කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයට පත් කර ඇත්තේ ඇය මෙතෙක් දැරූ සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය ධූරයට අමතරවය.
දිවුරුම් දීමේ අවස්ථාවට ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ද එක්ව සිටියේය.

