සැප්තැම්බර් 19 රජයේ විශේෂ නිවාඩු දිනයක්
- Editor
- September 14, 2022
- උණුසුම් පුවත්
- 0 Comments
දෙවන එලිසබෙත් මහ රැජිනගේ රාජකීය අවමංගල්‍ය යෙදෙන එළැඹෙන සැප්තැම්බර් 19 වනදා රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව එදින ජාතික ශෝක දිනයක් මේ වන විටත් රජය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
රජයේ නිවාඩුව රජයේ අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමට බාධාවක් නොවිය යුතු බවයි රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කරන්නේ.

