ස්පර්ශයෙන් ලෙඩ සුව කළ ‘ජැක් ෂාස්ගේ’ කතාව

Spread the love

”කියාපිය තොපි කොහොමද රහස් ගෙනියන්නෙ කියල ? නැත්තං තෝ අද මරනවා’’ ජර්මනියේ හිට්ලර් ගේ නාසි හමුදාවේ සෙබළු කීප දෙනෙක්ම වටවී ලන්දේසි ජාතික හිරකරුවකුට එසේ පහර දෙන්නට වුහ.

ඒ එක්දහස් නමසිය තිස් හත (1937) තරම් කාලයේ දෙ වැනි ලෝක යුද්ධයේ දරුණුම අවදිය විය. ඔහු නමින් ජැක්ෂාස් ය. නාසි හමුදාවේ අත්අඩංඟුවට පත් හෙතෙම හොඳටම පහර කා වධකාගාරයේ සිමින්ති පොළොවේ මරනාසන්නව වැතිර සිටියේය.

කස පහරින් තුවාල ලද ඔහුගේ අත් පා සහ පිට කොන්දේ කීප පොළක්ම පුපුරා ලේ වැගිිරෙමින් තිබිණි. යකඩ සපත්තුවලින් වැදුණු පා පහරින් ඉල ඇට කීපයක් බිඳී ඇති සේය. ඔහු හුස්ම ගත්තේ් ද දැඩි ආයාසයකිනි.

”තෝ කියන්නේ නැද්දැයි?’’ඇසූ සෙබළෙක් ජැක්ෂාස්ගේ පාදවලට කස පහර කිපයක් දුන්නේය. හුස්ම ගැනීමේ තද අපහසුවෙන් සිටි සිරකරු එම මොහොතේ විසඥ විය. එය සෙබළුන්ට සුළු විවේකයක් ගැනිමට අවසථාවක් වූවේය.

’’මට සිහිය නැති වුණත් මම කොහේ හරි හොඳ මිනිසුන් වාගයක් පිරිල ඉන්න තැනක ඉන්නවා වාගේ හැඟීමක් මට ඇතිවුණා. ඒ හිටිය හැම කෙනකුගේම මුහුණක මම දැක්කේ අනුකම්පාවක්. මාත් හෙමින් වටපිට බැලූවා. එතකොට දැක්කා ජේසුස් ස්වාමි දරුවාණන් කුරුසියේ ඇණ ගහල ඉන්නවා. මම එතුමා දිහා හොඳින් බැලූවා. ඒ උත්තමයගෙ දෙ තොල් සෙලවුණා මොනවදෝ කියවනවා වාගෙ. මම ඉතා ඕනැකමින් ඒ දේ දැනගන්න.

මට එතකොට එ තුමා කියන දේ හොඳින් ඇහුණා.

මට ඇහුණෙ ’’දෙවියනේ ඔබ කොහෙද’’ කියන එකයි එතුමා කීවෙ කියල.

ඒ වචන ටික ඇහෙන කොටම මට දැණුන මොකක් දෝ ආලෝක ධාරාවක් හරියට විදුලියක් වාගෙ මගේ සිරුරට ඇතුළු වුණා කියල. මේ ලෝකෙ හැම කෙනකුටම කරුණාව දක්වන්න ඕනෑ, මාව මරණ කෙනාටවත් වෛර කරන්න එපා කියන හැඟීමත් ඒත් එක්කම හිතට දැනුන. ඒක මහ ප‍්‍රබල හැඟීමක්. මගේ සිරුර පුරා නහරයක් නහරයක් ගානෙ දුවනව වාගෙත් දැනුණා.
එතකොට මට සිහිය ආව. මම හෙමින් ඇස් දෙක ඇරල බැලූවා. එතකොටයි මම දැනගත්තෙ මම දැකල තියෙන්නේ හීනයක් කියල. මට තලපු ජර්මන් සෙබළා අතේ කසය ඇතිව මා දිහා ක්‍රෝධයෙන් බලාගෙන ඉඳල කසය ඉස්සුවා.

’’මම ඔබත් එක්ක කිසිම තරහක් නෑ’’කියන සිතුවිල්ල ඒ මොහොතේ මගෙ හිතේ ඇති වුණු නිසා මම ඔහුත් එක්ක හිනා වෙන්න උත්සාහයක් ගත්ත. ඒත් මොන හිනාවක්ද? ඉල ඇට කැඩිල, අත් කකුල් වලින්, පිටේ යකඩ කොකු අමුණලා තිබුණු තැනිනුත් ලේ ගලද්දි මට හිනා වෙන්න බැරිවුනත් මම උත්සාහයක් ගත්ත. ඒත් ’’මම සියලූ සත්වයෝ නිදුක් වෙත්වා’’ කියල තොල් මැතිරුවා.

කසේ අතේ තියාගෙන මා දිහා ක්‍රෝධයෙන් බලා හිටිය සෙබළාගේ මුහුණ ඒත් එක්කම වෙනස් වෙනව මම දැක්කා. එහෙම මා දිහා විනාඩියක් දෙකක් බලා හිටිය ඔහු කසේ පැත්තකට දාල මගේ පිටේ අමුණලා තිබුණු යකඩ කොකු ගලවලා දැම්මා. ඊට පස්සෙ මට කමිසෙ ඇඳගන්න උදව් කළා.

එහෙම කරපු සෙබළා එක පාරටම බයෙන් ගල් ගැහිලා ඇස් දෙක උඩ ඉන්දගෙන බයෙන් මා දිහා බලා ගෙනම හිටිය. එතකොටයි මමත් දැක්කෙ මගෙ ඇෙඟන් ගලපු ලේ එක පාරටම නැවතිලා, ඒ තුවාල ටිකෙන් ටික නොපෙනී යනව. මමෙ ත් අර සෙබළාත් ඇසි පිය නොහළ බලා සිටිද්දිම මගේ තුවාල හොඳවුණා. ඉල ඇට බිඳුණු බවක්වත් දකින්නට තිබුණෙ නෑ. ඒ කතාව මොහාතකින් හමුදා කඳවුර පුරාම පැතිරිලා ගියා. හමුදාවෙ ලොක්කො මාව බලන්න ආවා. ඊට පස්සෙ හිට්ලර්ගෙ සෙබළු කිසිම කෙනකු මට හිරිහැර කළේ නෑ‘‘

ලන්දේසි ජාතිකයකු වූ ජැක්ෂාස් දෙ වැනි ලෝක සංග‍්‍රාම කාලයේ දී තමන් හිට්ලර් ගේ සෙබළුන්ට අසුවී ඔවුන් අත්විඳින්නට වු හිරිහැර පීඩා සහ ඒවා අවසන් වු අන්දම එ සේ විස්තර කළේය.

පසු කලෙක කෙරුණු පරීක්‍ෂණවලදී අනාවරණය වූ අන්දමට ජැක්ෂාස්ට උපතින්ම ප‍්‍රබල මානසික ශක්තියක් තිබී ඇත. ඒ අධ්‍යාතිමික ශක්තිය ඔහු එක් ජීවිත කාලයක් තුළ දී වර්ධනය කර ගත්තකි. මේ ලන්දේසිි ජාතිකයාගේ බාහුවේ මස් ගොබය අතරින් අඟල් හය (හයක් – හතක් දිගඉදි කටුවැනි දේ කිසිදු පිඩාවක් ලේ ගැලීමක් හෝ නොමැතිව රිංඟවා ගත හැකි විය. දිග අඟල් හතකට වැඩි ගෙතුම් කටුවක් එක් පරීක්‍ෂණයකදී පරීක්‍ෂකයන් පිරිසක් විසින් ඔහුගේ බාහුවේ මස් ගොබය අතරින් යවා පිටතට ගනු ලැබිණි. එ තැනින් ලේ බිඳකුදු පිටතට ගලා නො ආවේ ය. පරීක්‍ෂකයින් බලා සිටියදීම තුවාලය පෑස්සී හාවී ගියේය.

දිනකට පැය දෙකකට වඩා නිදා නොගන්නා ජැක්ෂාස් කෑම ගන්නේ ද සතියකට තුන් වරකි. ශාරීරික ක‍්‍රියාවලියේද වෙනසක් නොවිණි.

‘‘ මනුස්සයා ගැන පුදුම වෙන්න දෙයක් නෑ. මිනිහට තියෙන්නෙ හොඳට දියුණු කර ගත් මනසක් එච්චරයි‘‘ .

ජක්ෂාස් ගේ අරුම හැකියාව ගැන මනෝ වෛද්‍යවරුන් සහ විවිධ ක්‍ෂේත‍්‍රවල ප‍්‍රාඥයන් සමග පරීක්‍ෂණ ගණනාවක්පැවැත් වූ වෛද්‍ය ඬේල් වෝල්ටර් මහතා නිගමනය ඉදිරිපත් කර කීවේ

‘‘අනේ පුතේ මගේ කකුලෙ තුවාලෙ කැක්කුමයි.ටිකක් අත ගානව ද? ’’ජැක්ෂාස් කුඩා කල ඔහුගේ මව කිවාය.

දර පැලීමට ගොස් දර කැබැල්ලක් වැදීමෙන් ඇගේ වම් කකුලේ ඇති වූ තුවාලය හොඳටම වැඩිවී සතියක් පමණ ගතවන විට ඇය ඔත්පොළ වූවාය. දරා ගත නොවුණු ලෙස වේදනවා ව වැඩිවූ විටක ඕ සිය කුඩා පුතාට එ සේ කීවාය.

ජැක්ෂාස් කකුලේ තුවාලයට ආසන්න කොටස අතගාන්න පටන් විට මහා පුදුම දෙයක් සිදු වෙන්නට පටන් ගත්තේය. වැසී යන සමකින් තුවාලය නොපෙනී යන්නට පටන් ගත්තේ ජැක්ෂාස් ගේ මව පුදුමයෙන් බලා සිටියදීමය. කුඩා ජැක්ෂාස්ට ස්පර්ෂයෙන් ලෙඩ රෝග සුව කිරීමේ බලය ඇතිබව එම සිද්ධියෙන් පැහැදිළි වුවත් එම සිද්ධිය මවටත් පුතාටත් සීමා වූවා මිස ඉන් එහාට ගොස් නැත.

එහෙත් එම බලය, ශක්තිය හැකියාව අනාවරණය වූයේ සාමාන්‍ය පාසල් අධ්‍යාපනයෙන් පසුව රැකියාවක් සොයා ගත් පසුවය. ඔහුට ලැබුණු රැකියාව ජනෙල් තිර රෙදි සකස් කරන තැනකය. තරුණියන් ටික දෙනෙක් ද එහි සේවය කළහ.

ජැක්ෂාස් තිරරෙදි සකස් කිරීමේදී ඇමුණුම් කටු පුරුද්දක් වශයෙන් සිය නිලඇඳුමේ ඉදිරි පසින් අමුණා ගත්තේය. එසේ අමුණා ගෙන වැඩ කරන අවස්ථාවක කෙල්ලන් සමග කළ විහිළුවකදී එකියක් ඔහු තල්ලු කළාය. ඒ තල්ලුවට බිම වැටුණු ඔහුගේ ඒප‍්‍රනයේ (නිල ඇඳුමේ) තිබූ ඇමුණුම් කටුවක් ඔහුගේ ළැම පසාරු කරගෙන ගොස් තිබිණි. කලබල වූ එහි සිටි රොත්තම එක්ව ජැක්ෂාස් රෝහලට ගෙනයාමට පෙර ඇනී තිබුණු කටුව ඇද දැම්මේය. ඔවුන් බලා සිටියදීම තුවාලය හා වන්නට (පෑස්සෙන්නට) පටන් ගත්තේය.

එම සිද්ධිය ජැක්ෂාස්ට ජන්මයෙන් ම ලැබී තිබූ ආශිර්වාදාත්මක GIFTED හැකියාව දෛවයෙන්ම බාහිර ලෝකයට ප‍්‍රදර්ශනය කිරීමකි. ඔහු එදා වැඩ අවසන්ව නිවෙසට ගිය හැටියේ් ම කළේ තමාගේ උසට මහතට ගැලපෙන ලෑල්ලක් ගෙන එහි එක් පැත්තකින් අඟල් හයක් උඩට මතුවන සේ යකඩ උල් සියයක් ගසා යකඩ උල් ඇඳක් සකස් කර ගැනීමය.

අනතුරුව උඩුකය නිරාවරණය කර ඒ යකඩ උල් ලෑල්ලේ උඩු බැලිව නිදා ගත්තේය. ඉන් තුවාලයක් සිදු නොවූවා පමණක් නොව ඔහුට වේදනාවක් දැනුණේ ද නැත. මේ ජන්ම දායාදය ඔහු වැඩි දියුණු කර ගත්තේ පාරඓන්ද්‍රික බලය පිළිබඳ පත පොත කියැවීමෙනි.

අධිමානසික බලය SUPER PSYCHIC පාරඓන්ද්‍රීය බලය PARA PSYCHOLOGY තමාට ඇති බව ජැක්ෂාස් අවබෝධ කර ගත්තේ ය. ඒ නිසා හෙතෙම යෝග අභ්‍යාස පිළිබඳ පත පොත සොයා කියෙව්වේය. ඒ අතර තුරේ යකඩ උල් මත නිදා ගැනිමේ කාර්යය වර්ධනය කර ගත්තේය.හෙතෙම සිරුරේ පැත්ත මාරු කර මුණින්තලාව නිදා ගත්තේය.පෙර අත්දැකීමමය. කිසිදු තුවාලයක් වේදනාවක් ද නැත.

එසේ හත් අට වතාවක්ම කෙළේය. පරීක්‍ෂණය 100%ක් සාර්ථකය. අනතුරුව දෙ වැනි පරීක්‍ෂණය අත් හදා බැලූවේය. යකඩ උල් මත නිදා ගත් ඔහුගේ සිරුර මතට නැගී එක් අයෙකුට සිට ගන්නට කීවේය. පසුව දෙදෙනකුට කීවේය. පස් දෙනකු සිට ගත්ත ද කිසිම වෙනසක් ඔහුට දැනුණේ නැත.

ඊළඟ අත්හදා බැලීම යකඩ උල් මත උඩුබැලි අතට නිදා ගත් ඔහුගේ පපුව මත ලොකු කඑගලක් තබා ඊට ශක්තිවන්ත තරුණයකු අතින් කුළු ගෙඩි පාරවල් හතරක් පහක්එල්ල කරවීමය. එමගින්ද කිසිම පීඩාවක් තමාට අත් නොවන බව දැන ගත් ජැක්ෂාස් ඒ හැකියාව මහජනයාට ප‍්‍රදර්ශනය කරමින් රට පුරා ගියේය.

රට්ටු ජැක්ෂාස් ගෙ හැකියාව ගැන කතා කරන්නට පටන් ගත් කල ඔ වැනි අපූරු හැකියා ගැන සොයා බලන මින්ගර් පදනම් ආයතනය ඔහු ගැන සොයා බලා පරීක්‍ෂණයක් කෙළේය. එම පදනම් ආයතනයේ අධ්‍යක්‍ෂ එල්මර් ග‍්‍රීන් මහතා ඇතුළු වෛදා්‍යවරු පිරිසක් ජැක්ෂාස් ගේ බාහුවේ මස් ගොබය පසාරු වන අන්දමින් කටු වක් ගැසූහ. ’

’ලේ එයිද?’ ’පරීක්‍ෂකවරු ඇසූහ.

’’බිංඳු කීපයක් එයි’’ ජැක්ෂාස් කීව්ය.

දෙ වැනි වතාවටත් කටුව ගසන්නට වෛදා්‍යවර සූදානම්ව’’ලේ එයි දැයි’’ඇසූහ.

’’නෑ, දැන් එන්නෙ නෑ’’ ජැක්ෂාස් පිළිතුරු දුන්නේය.

එ වර ලේ‘ බිංඳුවක් හෝ නො ආවේය.

’’ඇයි, ඉස්සර වෙලා ලේ එන්නත් පස්සෙ නො එන්නත් හේතුව මොකක්ද’’පරීක්‍ෂකයෝ ජැක්ෂාස් ගෙන් විමසූහ.

’’මම මගේ යටි හිතට ලේ ගලන එක නවත්වන්න කියල අණ දෙනව නෙමෙයි, එහෙම අණ දුන්නට වැඩක් නැ.මම යටි හිතෙන් අහනව ලේ ගලන එක නවත්ත ගන්න පුළුවන්ද කියල. උප විඥණයේ (යටි හිතේ) කැමැත්ත ලැබෙනතුරු ලේ එනවා. උප විඥණයේ කැමැත්ත ලැබුණාට පස්සෙ ලේ ගැලීම නවතිනවා’’ඔහු කරුණු පැහැදිළි කෙළේ ය.

’’ඔබට ඔය කටු ගහන කොට වේදනාවක් දැනෙන්නෙ නැද්ද?’’වෛදා්‍ය එල්මර් ග‍්‍රීන් මහතා ඇසුවේය.

’’මටත් අනිත් අයට වාගෙම වේදනාව දැනෙනවා. දවසක් මගේ යාළුවෙක් එක පාරටම මගේ අතේ දැල්වෙන සිකරට් එකක් තිබ්බ. මට කෑගැස්ස වුණා. ඒ පිච්චුණ නිසා. මටත් අනිත් අයට වාගෙමයි. හැබැයි අනිත් අයට වාගෙ නෙමේ මට වේදනාව දැනේනෙ තප්පර කිපයයි. ඊට පස්සෙ නැතිවෙනවා.’’ජැක්ෂාස් කීවේය.

චන්ද්‍රසේන මාරසිංහ

RSL

Related Posts