සහල් වැඩි මිලට විකිණුවහොත් රු. ලක්ෂයක් දඩ ගසන නීතිය ලබන සතියේ පාර්ලිමේන්තුවට
- Editor
- July 26, 2021
- පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
සහල් වැඩි මිලට විකිණුවහොත් රුපියල් ලක්ෂයක් දඩ ගසන නීතිය ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගත් පසුව අදාළ සහල් මිල නියම කරන බවද කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය.
කෘෂිකර්ම අමාත්‍යංශයේ දී අද (26) පැවති මාධ්‍ය හමුවකදී කෘෂිකර්ම අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
නව නීතිය සම්මත වූ පසු සම්බා සහ කීරි සම්බා මිල ලබන සතියේ රුපියල් 50 ත්75 ත් අතර ගණනකින් අඩු කරන බවත් රටේ සියයට අසූවක් පමණ ජනතාවක් පරිභෝජනය කරන නාඩු සහල් මිල රුපියල් 100ට අඩු මට්ටමකට ගෙන එන බව ද කෘෂිකර්ම අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
වී මිල සම්බන්ධයෙන් වී මෝල් හිමියන් සමග එකගතාවයකට පැමිණි අයුරින් ලබන සතියේ දී සහල් මිල සම්බන්ධයෙන්ද ගිවිසුම් අත්සන් කරන බව කී කෘෂිකර්ම අමාත්‍යවරයා මේ අනුව ඉතිහාසයේ පළමුවරට හාල් මිල පාලනය සඳහා ආණ්ඩුව සක්‍රීයව දායක වන බවද සඳහන් කළේය.

