සනත් ජයසූරිය ඉහළම තනතුරක ස්ථිර කෙරේ

Spread the love

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව විසින් සනත් ජයසූරිය ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස නිල වශයෙන් පත් කර ඇති බව වාර්තා වේ.

මෙම පත් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ, ජයසූරිය තාවකාලික ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ඉන්දියාව, එංගලන්තය සහ නවසීලන්තයට එරෙහිව මෑත කාලීන තරගාවලිවලදී කණ්ඩායම දැක්වූ දස්කම් මත මෙම තීරණය ගත් බවයි.

2024 ඔක්තෝම්බර් 01 දින සිට ක්‍රියාත්මක වන ජයසූරියගේ පත්වීම 2026 මාර්තු 31 දක්වා පවතිනු ඇත.

Related Posts