සංශෝධිත දුම්රිය කාල සටහන සකස් කිරීම අවසන් අදියරේ
- Editor
- November 25, 2022
- ප්‍රතිපත්ති සහ සංවර්ධන
- 0 Comments
සංශෝධිත දුම්රිය කාල සටහන සකස් කිරීමේ කටයුතු මේ වන විට අවසන් අදියරට පැමිණ ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව එම කාල සටහන සකස් කිරීමේ කටයුතු ලබන සතිය තුළ අවසන් කිරීමට හැකි වනු ඇති බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්. ඒ. ඩී. එස්. ගුණසිංහ සඳහන් කළේ.
නව කාල සටහන ප්‍රකාශයට පත්කිරීම කඩිනමින් සිදුකිරීමට කටයුතු කරන බවත් ක්‍රියාත්මක වන දිනය ලබන සතිය තුළ ප්‍රකාශයට පත්කිරීමට බලාපොරොත්තු වන බවයි දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

