ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත පාසල් සඳහා ඇතුළත්වීමේ අභියාචනා කැඳවයි
- Editor
- April 9, 2025
- පුවත් සහ වාර්තා
- news
- 0 Comments
2024 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත පාසල්වල 2025 වර්ෂයේ 6 ශ්‍රේණියට ඇතුළත් වීමේ අභියාචනා ඉදිරිපත් කිරීම 2025.04.09 දින සිට 2025.04.30 දින දක්වා මාර්ගගත ක්‍රමවේදය (Online) ඔස්සේ සිදු කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
http://g6application.moe.gov.lk දිගුව ඔස්සේ උපරිම පාසල් 3ක් සඳහා අභියාචනා යොමු කිරීමේ හැකියාව පවතී. මේ සඳහා උපදෙස් මාලාව අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk වෙත පිවිස ලබා ගත හැක.

