ශිෂ්‍යත්වය ගැන විභාග කොමසාරිස් ජනරාල්ගෙන් දැඩි ප්‍රකාශයක්
- Editor
- September 30, 2024
- පුවත් සහ වාර්තා
- news
- 0 Comments
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය නැවත නොපැවැත්වීමේ තීරණයේ කිසිදු වෙනසක් නොමැති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.
අද (30) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් විභාග කොමසාරිස් ජනරාල්වරයා මේ බව අවධාරණය කළේය.
විභාගයට පෙනී සිටි සිසු සිසුවියන්ට සාධාරණයක් ඉටුවන ආකාරයෙන් මතුව ඇති ප්‍රශ්න තුනට ලකුණු ලබාදීමට තීරණය කළ බවද ඔහු පැවසීය.
මේ අතර, අත්හිටුවා ඇති විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීම ඉතා ඉක්මනින් ආරම්භ කරන බව කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.
ඒ අනුව නව පාසල් වාරය ආරම්භ වීමට පෙර ප්‍රතිඵල නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

