ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති සංවර්ධනය පිළිබඳව විදේශීය නායකයින් දැනුවත් කෙරේ
- RSL
- September 24, 2011
- Uncategorized
- 0 Comments
එක්සත් ජාතීන්ගේ 66 වන මහා මණ්ඩල සැසියට සහභාගී වීමට නිව්යෝර්ක් නුවරට පැමිණ සිටින ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ඊයේ (22) කටාර්, උගන්ඩා සහ පලස්තීන රාජ්‍ය නායකයින් හමු විය.
ජනාධිපතිතුමා මෙම හමුවීම්වල දී ත‍්‍රස්තවාදය නිමා කිරීමෙන් පසුව ශ‍්‍රී ලංකාව අත්කර ගෙන තිබෙන ආර්ථික, සමාජයීය සංවර්ධනය පිළිබඳවත්, ශ‍්‍රී ලංකාවේ මේ වන විට ක‍්‍රියාත්මක වන දැවැන්ත සංවර්ධන වැඩසටහන් පිළිබඳවත් එම රාජ්‍ය නායකයින් දැනුවත් කළේය.
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ ප‍්‍රගතිය පිළිබඳවත්, එම ජනතාව නැවත සිය ගම්බිම්වල පදිංචි කිරීමේ දී ලබා ඇති ප‍්‍රගතිය පිළිබඳවත් ජනාධිපතිතුමා කරුණු පැහැදිලි කළේය.