
ශ්‍රී ලංකාව තුළ චන්ද්‍රිකා පදනම් කරගත් අන්තර්ජාල සේවා සැපයීම සඳහා Starlink වෙත ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) මූලික අනුමැතිය ලබා දී ඇති බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් කියයි. විධිමත් මහජන උපදේශන ක්‍රියාවලියකින් අනතුරුව මෙම අනුමැතිය ලබා දෙන බව ද ඔහු පැවසීය.
මේ සම්බන්ධ මහජන අදහස් විමසීමේ තොරතුරු හෙට ප්‍රකාශයට පත් කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.