වේලාවන් වෙන් කරගත් අයට සඳුදාත් පාස්පෝට් නිකුත් කරනවා
- Editor
- September 16, 2022
- පුවත් සහ වාර්තා
- 0 Comments
සඳුදා (19) රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබුණද විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු සිදු කෙරෙන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසනවා.
සඳුදා දිනය සඳහා මේ වන විටත් වේලාවන් වෙන් කරගෙන ඇති පිරිස් සඳහා පමණක් එදිනට විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු සිදුකරන බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

