වීසා නිකුත් කිරීම සම්බන්ධයෙන් ගත් සුවිශේෂ තීන්දුව

Spread the love

අද (26) මධ්‍යම රාත්‍රී 12.00 සිට පෙර පැවති ක්‍රමය යටතේ වීසා නිකුත් කිරීම යළි ආරම්භ කිරීමට රජය කටයුතු කරන බව මහජන ආරක්‍ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.

ඒ අනුව පෙර පැවති ක්‍රමය යටතේ සියලුම විදේශිකයන්ට වීසා බලපත්‍ර සඳහා ඉල්ලුම් කළ හැකි බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ අමාත්‍යවරයා, “VFS Global විසින් ලබා දී ඇති වීසා පහසුකම බොහෝ දෙනෙකුට සැලකිය යුතු දුෂ්කරතා ඇති කර තිබෙනවා. විශේෂයෙන්, ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන්ට ඔවුන්ගේ වීසා බලපත්‍ර ලබා ගැනීමේදී සැලකිය යුතු අභියෝගවලට මුහුණ දීමට සිදු වුණා. ඊට ප්‍රතිචාර වශයෙන් සහ අධිකරණ තීන්දුවකට අනුව, මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කිරීම නැවත ආරම්භ කිරීමට මැදිහත් වී තිබෙනවා. පසුගිය පැය 24 තුළ පෙර පැවති ක්‍රමය යටතේ වීසා බලපත්‍ර ලබා දී තිබෙනවා”

“අද මධ්‍යම රාත්‍රී 12.00 සිට, විදේශිකයන්ට අන්තර්ජාලය හරහා වීසා සඳහා පහසුවෙන් අයදුම් කළ හැකි අතර, එය පැය 24ක් ඇතුළත ක්‍රියාවට නංවනවා. මෙය සැලකිය යුතු දියුණුවක් සනිටුහන් කරනවා. තවද, VFS Global හා සම්බන්ධ අක්‍රමිකතා විමර්ශනය කිරීම සඳහා අපි වහාම විගණනයක් ආරම්භ කර තිබෙනවා. කිසියම් විෂමතාවක් අනාවරණය වුවහොත් ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ගවලට යනවා.” අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසුවේය.

 

Related Posts