විමල් වීරවංශගෙන් ‘කපා‘ මහින්දානන්දට දෙයි
- Editor
- June 19, 2021
- දේශපාලන, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
විමල් වීරවංශ මහතා කැබිනට් අමාත්‍ය ධුරය දරන කර්මාන්ත අමාත්‍යංශ්‍ය යටතේ පැවති ලංකා පොස්පේට් සමාගම ජනාධිපතිවරයා විසින් ඊයේ (18) අංක 2232/39 අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින් කෘෂිකර්ම අමාත්‍යාංශයට පවරා තිබෙනවා.
මෙම පැවරීම ජුනි මස 17 වන දින සිට ක්‍රියාත්මක බව එම ගැසට් නිවේදනයේ දැක්වෙනවා.
මේ අතර ඊයේ (18) දිනයේ ම කර්මාන්ත අමාත්‍යංයේ ලේකම්වරයා ලෙස කටයුතු කරනු ලැබූ අනූෂ පැල්පිට මහතා එම තනතුරින් ඉල්ලා අස්වූ අතර එම පුරප්පාඩු වූ තනතුර සඳහා වරයා අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලැබූ හිටපු හමුදාපතිවරයකු වන දයා රත්නායක මහතා පත් කර තිබෙනවා.



