විදෙස් ආයෝජකයින් ත්‍රිතුණාමලය සහ හම්බන්තොට වරාය ආශ්‍රිතව මෙරට ආයෝජන අවස්ථා නිරීක්ෂණය කරයි

Spread the love

සමුද්‍රීය ක්ෂේත්‍රවල ආයෝජනය කිරීමට ඇති හැකියාව පිළිබදව ආයෝජකයින්ගේ  අවධානය

වොයේජ් ශ්‍රි ලංකා 2024 සමුද්‍ර හා අක්වෙරල, බෝට්ටු නිෂ්පාදන සමුළුවට සමගාමීව ඉන්දියාව, සෞදි අරාබිය, මාලදිවයින, ප්‍රංශය, ජපානය, තායිලන්තය, ඇමරිකා එක්සත් ජනපදය සහ කාම්බෝජය ඇතුළු රටවල විදේශීය ආයෝජකයින් 20 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නොවැම්බර් 24 සහ 25 යන දිනවල ත්‍රිකුණාමලය සහ හම්බන්තොට වරායේ සංචාරයක නිරත විය.සමුද්‍රීය ආයෝජන සඳහා කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට ඇති හැකියාව සහ අවස්තාවන්  ප්‍රදර්ශනය කිරීම මෙම සංචාරයේ අරමුණ විය.

මරීනා සංවර්ධනය, නැව් තැනීම, යාත්‍රා නඩත්තු කිරීම, ඉංජිනේරු සේවා, බංකරින් සහ ඒ ආශ්‍රිත අක්වෙරළ සේවා වැනි විවිධ ක්ෂේත්‍ර හරහා ඇති අවස්ථාවන් පිළිබඳව නියෝජිත පිරිස ගවේෂණය කළහ. ආයෝජකයින් දැනට පවතින දේශීය ව්‍යාපාර සමඟ හවුල් ව්‍යාපාර ආරම්භ කිරීම හෝ නව ව්‍යවසායන් ආරම්භ කිරීමේ අවස්තාවන්  ද ගවේෂණය කළහ.

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), සමුද්‍රීය අංශයේ ප්‍රධාන පාර්ශවකරුවන් සමඟ සහයෝගයෙන් ප්‍රථම වරට පවත්වනු ලබන වොයේජ් ශ්‍රි ලංකා 2024 (Voyage Sri Lanka 2024) සමුද්‍ර හා අක්වෙරල, බෝට්ටු නිෂ්පාදන සමුළුවට සමගාමීව මෙම නිරීක්ෂණ චාරිකාව  සංවිධානය කළ අතර නීල ආර්ථිකය සඳහා ශ්‍රී ලංකාවේ දායකත්වය සහ ගෝලීය සමුද්‍රීය කේන්ද්‍රස්ථානයක් ලෙස එහි විභවයන් ඉස්මතු කරමින් 2024 නොවැම්බර් 26 වන දින කොළඹ කිංග්ස්බරි හෝටලයේදී පැවැත්වේ.

සමුද්‍ර හා ජලජීවී වගා සේවා පිළිබඳ ශ්‍රී ලංකාවේ විශේෂඥතාව මෙන්ම බෝට්ටු සහ නැව් තැනීමේ කර්මාන්තවල ශ්‍රී ලංකාවේ ශක්තීන් පිළිබඳව මෙම සමුළුව මගින් අවධානය යොමු කරනු ඇත. රාජ්‍ය සහ පෞද්ගලික යන දෙඅංශයේම පාර්ශවකරුවන් එක්රැස් කරමින්, මෙම වැදගත් අංශ හරහා තිරසාර භාවිතයන්, අති නවීන තාක්ෂණයන් සහ ආයෝජන අවස්ථා පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මෙම සමළුව මගින් පහසුකම් සැලසෙනු ඇත.

වැඩි විස්තර සඳහා www.voyagesrilanka.lk නිල වෙබ් අඩවියට පිවිසෙන්න.

Related Posts