විකුණාගත නොහැකි මුං අස්වැන්න මිලට ගන්න දිසාපතිවරුන්ට රජයෙන් මුදල් දෙයි
- Editor
- October 18, 2021
- ආර්ථික සහ ව්‍යාපාරික, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
අතරමැදි බෝගයක් ලෙස වගා කර ඇති මුං ඇට අස්වැන්න මිලදී ගැනීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි දිසාපතිවරුන් වෙත මහා භාණ්ඩාගාරයෙන් මුදල් වෙන් කර දී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.
අතරමැදි බෝගයක් ලෙස වගා කර ඇති මුං ඇට අස්වැන්න විකුණා ගැනීමට නොහැකි වී ඇති බවට ගොවීන් කරන ලද පැමිණිලි සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කීරිමෙන් පසු මෙම පියවර ගෙන ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
මොණරාගල , හම්බන්තොට හා රජරට ප්‍රදේශවල මුං අස්වැන්න මේ දිනවල නෙලමින් පවතින අතර මෙවර අස්වැන්න වෙනදාට වඩා සරු බවද වාර්තා වේ.

