වැටුප් විෂමතා ඉවත් නොකිරීමට එරෙහිව සමස්ත ලංකා උපාධි ගුරු සංගමය නීතිය හමුවට යයි
- RSL
- October 28, 2011
- Uncategorized
- 0 Comments
උපාධි ගුරුවරුන්ගේ හා පොදුවේ ගුරු හා විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා ඉවත් නොකිරීමට එරෙහිව නීතිය හමුවට යන බව සමස්ත ලංකා උපාධි ගුරු සංගමය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එච්. එම්. ගුණසේකර මහතාට දැනුම් දී ඇතැයි වාර්තා වේ.
ගුරු සේවයේ උපාධිධාරී ගුරුවරුන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීමට ජනාධිපතිතුමා, ජාතික මානව හිමිකම් කොමිසම සහ රාජ්‍ය සේවා කොමිසමේ ද නිර්දේශ මෙතෙක් නිසි පරිදි ක්‍රියාත්මක වී නැති බවත් සමස්ත ලංකා උපාධිධාරී ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ඊ. එම්. ජේ. එස්. ද සේරම් මහතා කියයි.
පොදුවේ ගුරු හා විදුහල්පතීන්ට 1977 දී ඇති වූ වැටුප් විෂමතා ඉවත් කිරීමට බී.සී. පෙරේරා කමිටුවේ නිර්දේශ ද ක්‍රියාත්මක වී නැති බවත් හෙතෙම පෙන්වා දී ඇත.
මේ නියෝග අවුරුදු දහහතක් තිස්සේ ක්‍රියාත්මක නොවීම නිසා දහහත් වසරක් බරපතළ අයුක්තියකට ගුරුවරුන් මුහුණ දී ඇතැයිද වරින්වර කොමිෂන් සභා පත් කරමින් විසඳුම් පමා කිරීම හැර වෙනත් යමක් නොකරන බැවින් නීතිය හමුවට යාමට තීරණය කළ බැව් ද සේරම් මහතා කියයි.