වාහන සහනය හඩ්සන්ට හා මහින්දට දෙන්න හදපු එකක් – ලාල්කාන්ත

Spread the love

“මේක හඩ්සන්ටයි, මහින්දටයි විතරක් දෙන්න හිතපු වැඩක් “ ජවිපේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා මෙසේ පැවසුවේ කොළඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේදි සමස්ථ ලංකා සුවසේවා සංගමයේ 14වන වාර්ෂික සමුළුවට ප්‍රධාන දේශකයා ලෙස සහභාගිවෙමිනි.

“ මාධ්‍යවේදීන්ට දෙනවලු අවුරුදු 25ක් අඛණ්ඩව වෘත්තියේ යෙදුනොත් වාහනයක් ගන්න ලෝන් එකක්, පොලී රහිතව, තීරු බද්දෙන් තොරව.ඉතිං හොඳයි. හැබැයි ඕක හම්බවෙන්නේ කාටද, හඩ්සන් සමරසිංහටයි, මහින්ද අබේසුන්දරටයි. ඇයි කීදෙනාද ඉන්නේ අවුරුදු 25ක් එක දිගට ඔතන හිටපු අය.
අපි ජනාධිපතිට කියනවා පුලුවන් නම් අවුරුදු 10ක් අඛණ්ඩ සේවයේ හිටපු මාධ්‍යවේදීන්ට ඒ සහනය දෙන්න “.

RSL

Related Posts