වාහන ලියාපදිංචි ගාස්තු සංශෝධනය හෙට සිට ක්‍රියාත්මක කෙරේ
- Editor
- November 17, 2022
- ප්‍රතිපත්ති සහ සංවර්ධන
- 0 Comments
වාහන ලියාංපදිංචි ගාස්තු සංශෝධනය කරමින් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යතුමා සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් පසුගිය 14 වනදා අති විශේෂ ගැසට්ටුවක් නිකුත් කළා.
එම ගැසට් නිවේදනයට අදාළ ගාස්තු සංශෝධනය හෙට (18) දිනයේ සිට ක්‍රියාත්මක වීමට නියමිතයි.
ඒ අනුව 1600cc හෝ 1600cc ට අඩු වාහන පළමුවරට ලියාපදිංචි කිරීමේ දී ගෙවිය යුතු නව ගාස්තුව රු 25,000ක් ද, 1600cc ට වැඩි වාහන පළමුවරට ලියාපදිංචි කිරීමේ දී ගෙවිය යුතු ගාස්තුව ගාස්තුව රු 40,000ක් වනවා.

