වාහනවල ප්‍රචාරක ස්ටිකර් ගැන මැකො ගත් තීන්දුව

Spread the love

වාහනවල ප්‍රදර්ශනය කර ඇති මැතිවරණ ප්‍රචාරක ස්ටිකර් වහාම ඉවත් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව නියෝගයක් නිකුත් කර තිබේ. පෞද්ගලික බස්රථවල සහ ත්‍රිරෝද රථවල දේශපාලන සටන් පාඨ සහ ස්ටිකර් ඇලවීම සම්බන්ධයෙන් පැමිණිළි රැසක් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

ජනාධිපති මැතිවරණ පනතට අනුව එවැනි ද්‍රව්‍ය ප්‍රදර්ශනය කිරීම මැතිවරණ නීති උල්ලංඝණය කිරීමක් බව කොමිසම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.තවද, නීතියට අවනත නොවන පුද්ගලයින්ට එරෙහිව පියවර ගන්නා ලෙස පොලිසියට දන්වා ඇති බවද එහි සඳහන් වේ

Related Posts