වාර්තා පොතට ගිය පින්නවල විස්මිත දරු උපත
- Editor
- August 31, 2021
- Photo Stories, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
මෙරට ඉතිහාසයේ පළමු වතාවට පින්නවල අලි අනාථාගාරයේ අලි නිවුන් දරුවන් දෙදෙනෙකු අද (31) උපත ලැබීය. පින්නවල අනාථාගාරයේ ප්‍රකාශකයෙකු පැවසුවේ ‘සුරංගි‘ නම් වන කෙනෙර විසින් නිවුන් අලි පැටවුන් බිහි කළ බවයි.
අලි පැටවුන් දෙදෙනාම පිරිමි අලි ඇතුන් බවත්, පළමුවැන්නා අලුයම 4.00 ට උපත ලැබූ බවත්, දෙවැන්න උපත ලැබුවේ පස්වරු 12.00 ට බවත් ඔහු පැවසීය
මේ අතර වනජීවී දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු පැවසුවේ මෙම ගෘහස්ත අලි උපත ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ ලියාපදිංචි අලි ඇතුන් අතර ප්‍රථම උපත බවයි.





