වසර 3ක් ජනතාව වින්ද පීඩනය ඡන්දයෙන් පෙන්නුවා – හිටපු ජනපති මහින්ද රාජපක්ෂ
- RSL
- February 12, 2018
- උණුසුම් පුවත්, දේශපාලන, පුවත් සහ වාර්තා
- 0 Comments
වසර තුනක් මේ රටේ ජනතාවට වත්මන් ආණ්‌ඩුවෙන් විඳින්නට සිදූ වූ වේදනාව කෙතරම්ද යන්න පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලයෙන් පැහැදිලි වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා සඳහන් කළේය.
විරුද්ධ පක්‌ෂයට හිමි අයිතිවාසිකම් පවා ලැබී නොමැති විටක මෙවැනි ජයග්‍රහණයක් ඉතිහාසයේ කිසිදා නොලැබූ බව පැවසූ හිටපු ජනාධිපතිවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබාදුන් සියලු ජනතාවට සහ ඡන්ද රාජකාරි කටයුතුවල යෙදුණු සියලු නිලධාරීන්ට ගෞරවය හා ප්‍රණාමය පුද කරන බවද සඳහන් කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලැබූ විශිෂ්ට ජයග්‍රහණය සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
මැතිවරණ ප්‍රතිඵල දෙස බලන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගම පමණක් නොව කවදාවත් ජයග්‍රහණය කිරීමට නොහැකි වූ නගර පවා මෙවර ජයග්‍රහණය කර තිබෙන බවද හෙතෙම පැවැසීය.

