වඳුරු උණ වසංගතය සඳහා ශ්‍රී ලංකාව සූදානම් ද ?
- Editor
- August 21, 2024
- පුවත් සහ වාර්තා, සෞඛ්‍යය
- Health
- 0 Comments
ශ්‍රී ලංකාව වඳුරු උණ වසංගතය සඳහා වඩා හොඳින් සූදානම්ව සිටින බව සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ අද (21) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ජනතාවට පීඩාවක් ඇති නොවන පරිදි අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.
“සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත සූදානම පෙර වසරවලට වඩා දැන් හොඳ මට්ටමක පවතිනවා. ජනතාව පීඩාවට පත් නොවන බව සහතික කිරීමට ඔවුන් අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා” ඔහු පැවසීය.

