වන්නිලැත්තන්ගේ බිරිඳ කොවිඩ් ආසාදනයෙන් ජීවිතක්ෂයට
- Editor
- September 5, 2021
- පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තන්ගේ බිරිඳ ඌරුවරිගේ හීන් මැණිකා මාතාව කොවිඩ් ආසාදනයෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඇය ඇතුළු ඇගේ පවුලේ සාමාජිකයන් කිහිපදෙනෙකු කෝවිඩ් ආසාදිත ව මහියංගන රෝහලට ඇතුළත් කරනු ලැබුවේ පසුගිය 29වැනිදාය.
කොවිඩ් නියුමෝනියා තත්වය ඇති වීමේ හේතුවෙන් ඇය මහියංගනය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුගිය 02 දා පේරාදෙණිය රෝහලට මාරු කර තිබෙනවා. එහිදී දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය ඊයේ (04) රාත්‍රියේ අභාවප්‍රාප්ත වුණා.
ඇය දරුවන් 09 දෙනකුගේ මවක් වූවාය.

