වතු කම්කරුවන්ගේ රු 1000ක දෛනික වැටුපට අනුමැතිය’

Spread the love

වතුකම්කරුවන්ගේ රුපියල් දහසක දෛනික වැටුප අද (08) දින පැවති වැටුප් මණ්ඩලයේ දී අනුමත වීම සම්බන්ධයෙන්  ලංකා කම්කරු කොංග්‍රසයේ මැති ඇමතිවරු පැමිණ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ප්‍රණාමය පුද කළහ.

ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන්, උප සභාපති සෙන්තිල් තොණ්ඩමන්, භාණ්ඩාගාරික පාර්ලිමේන්තු මන්ත්‍රී මරුතාපන්දි රාමේෂ්වරන් මහත්වරු විජේරාම පිහිටි නිල නිවසට පැමිණ මෙසේ අග්‍රාමාත්‍යතුමා හමුවූහ.

කම්කරු දෙපාර්තමේන්තුවේ අද පැවති වැටුප් මණ්ඩලයේ දී වතු කම්කරුවන් වෙනුවෙන් රුපියල් 900ක දෛනික වැටුප සහ රුපියල් සියයක දීමනාව අනුමත වී  තිබේ.

ඒ වෙනුවෙන් පැවති ඡන්ද විමසීමේ දී ආණ්ඩුවේ වැවිලි සමාගම් වතු වෘත්තීය සමිති සමඟ එක්ව අනුමත වූ වැටුපට ඡන්දය ප්‍රකාශ කිරීම විශේෂත්වයකි.

RSL

Related Posts