ලෝක ජනගහනය බිලියන 8 ට ළඟාවෙයි
- Editor
- November 15, 2022
- උණුසුම් පුවත්
- 0 Comments
මානව සංහතියේ ඓතිහාසික සන්ධිස්ථානයක් ලෙස ලෝක ජනගහනය අද (15) දිනයේ බිලියන 8 ට ළඟාවී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.
මෙම සන්ධිස්ථානය පෘථිවිය වෙනුවෙන් මානව වර්ගයාගේ හවුල් වගකීම සලකා බලන අතරම විවිධත්වය සහ දියුණුව සැමරීමේ අවස්ථාවක් බවයි එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් සඳහන් කළේ.
මහජන සෞඛ්‍යය, පෝෂණය, පුද්ගල සනීපාරක්ෂාව සහ වෛද්‍ය විද්‍යාව වැඩිදියුණු කිරීම හේතුවෙන් මිනිස් ආයු කාලය ක්‍රමයෙන් වැඩිවීම මෙම වර්ධනයට හේතුවී ඇති බවයි සඳහන් වන්නේ.

