‘ලේනව‘ ගැන SJB මාධ්‍ය ප්‍රකාශක හෙළකළ රහස

Spread the love

ජනාධිපතිවරණය වසරකින් කල් දමන ලෙස ඉල්ලා පෙත්සමක් ගොනු කළ චමින්ද්‍ර දයාන් ලේනව මහතා සමග තම පක්ෂයට කිසිදු සම්බන්ධයක් නොමැති බව SJB මාධ්‍ය ප්‍රකාශක සුජීව සේනසිංහ මහතා අද (05) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

“සමහරු ලෙනව SJB එකත් එක්ක සම්බන්ධ කරන්න හදනවා. අපිට එයා එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. එයාව අපිත් එක්ක සම්බන්ධ කරන්න හදන අය මඩ ගහන එක විතරයි කරන්නේ” සේනසිංහ අවධාරණයෙන් කීවේය.

ලෙනව මුලින් SJB සමග සම්බන්ධව සිටි රොහාන් පල්ලෙවත්තගේ නායකත්වයෙන් යුත් ජාතික සංවර්ධන පෙරමුණේ සාමාජිකයෙකු බව මීට පෙර වාර්තා විය. ඔහු දැන් SJB කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයෙකු බවද වාර්තා විය.

මේ අතර ලේනව ගොනු කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභ කරනු ඇතැයි සේනසිංහ විශ්වාසය පළ කළේය.

“හිටපු ජනාධිපති සිරිසේන මහතාගේ ධූර කාලය වසර පහකට සීමා කළ බවට ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙර තීන්දු කර ඇති නිසා ශ්‍රේෂ්ඨාධිකරණයට මේ තත්ත්වය වෙනස් කිරීමට හැකියාවක් නැහැ,” ඔහු පැවසීය.

Related Posts