ලීසිං සමාගම්වල සූරාකෑමට නතර කිරීමට ආණ්ඩුව සූදානම්

Spread the love

ණය වාරික සහ රථ වාහන කල්බදු ගෙවීමේදී දඩ මුදල්, ප්‍රමාද ගාස්තු සහ දඩ පොලී අය කරගැනීම නතර කිරීම සඳහා ඉදිරියේදී පියවර ගන්නා බව මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා තම පුවත්පත සමග පැවසූ බව ලංකාදීප පුවත්පත ඊයේ (10) වාර්තා කළේය.

එම පුවතේ වැඩි දුරටත් මෙසේ සදහන් විය.

”ණය වාරික, පොලී සහ රථ වාහන කල්බදු ගෙවීම් ප්‍රමාද වූ විට මූල්‍ය ආයතන සහ බැංකු පොලී අය කිරීම්, දඩ පොලී හෝ ප්‍රමාද ගාස්තු අය කරන බවත් එය නතර කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව සමඟ සාකච්ඡා කර අදාළ පියවර ගන්නා බවත් රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.

‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසයෙන් පසු ඇති වූ තත්ත්වය හේතුවෙන් මෙවැනි අය කිරීම් සාධාරණ නොවන බවත් ජනතාවටද දඩ මුදල්, ප්‍රමාද සහ දඩ පොලී ගෙවීම පහසු නොවන බවත් ඔහු කීය.

ඊට අමතරව මූල්‍ය ආයතන සහ බැංකු ගනුදෙනුකරුවන් දැනුවත් නොකර විවිධ අය ගාස්තු අය කරන බවත් ඒවාද නතර කිරීම සඳහා පියවර ගන්නා බවත් ඔහු කීවේය.

මේ අතර ණය වාරික සහ ලීසිං වාරික සියල්ල එකවර ගෙවා අවසන් කිරීමේදී අධිභාරයක් අය කිරීම නතර කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා මහ බැංකුවට උපදෙස් දී ඇතැයි ද රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා තවදුරටත් පැවැසීය.

RSL

Related Posts