ප්‍රථම වතාවට පවත්වනු ලබන ලංකා ටී10 ක්‍රිකට් තරගාවලියේ තරග වදින ෆ්‍රැන්චයිස් කණ්ඩායම් හය ප්‍රකාශයට පත් කිරීම අද දිනයේ සිඳු කෙරුණි. කලම්බු ස්ට්‍රයිකර්ස්, ගෝල් මාවලර්ස්, යාපනය ටයිටෑන්ස්, කැන්ඩි බෝල්ට්ස්, හම්බන්තොට බංග්ලා ටයිගර්ස් හා නිගම්බු බ්‍රේව්ස් ලංකා ටී10 ක්‍රිකට් තරගාවලියට එක්වන කණ්ඩායම් වේ.
මෙම තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත එළිදැක්වීම එළැඹෙන නොවැම්බර් මස 10 වැනිදා කොළඹදී සිදුකෙරේ. ක්‍රිකට් ක්‍රීඩාවේ වේගවත්ම ආකෘතියෙන් තරගවදින කණ්ඩායම් හයට දේශීය හා ජාත්‍යන්තර ක්‍රීඩකයින් රැසක් එක්වේ. මෙම තරගාවලිය පළමු දිගහැරුම ලබන දෙසැම්බර් 12 සිට 22 දක්වා පැවැත්වේ.
ටී10 තරගාවලියේ කණ්ඩායම් නම් කිරීම එක් එක් නගරයේ ශක්තීන් සහ සුවිශේෂී ස්වභාවය ඉස්මතු කරමින් සිඳු කිරීමට තරග සංවිධායකයෝ තීරණය කළහ. ක්‍රිකට් ක්‍රීඩාවට එම නගරවල ප්‍රජාව ලබාදෙන දායකත්වයට දිරි ගැන්වීමක් ලෙස දේශීය අනන්‍යතාව ටී10 තරගාවලියට බද්ධ කිරීම මෙමඟින් අරමුණු කෙරේ.
කොළඹ රටේ අගනුවර ලෙසත්, අති නවීන පහසුකම්වලින් යුත් ඓතිහාසික පුරවරයක් ලෙසත් ප්‍රකට අතර ඒ පිළිබඳ බොහෝ ආඩම්බරයෙන් කතා කරනු ලබයි. මෙම නගරය ජාතියට ක්‍රිකට් ජනප්‍රවාද රැසක් බිහිකොට ඇති අතර, ශ්‍රී ලංකාවේ පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩා සමාජ බහුතරයකට සත්කාරකත්වය සපයන ක්‍රීඩා බලාගාරයක් බඳුවේ.
යාපනය උතුරු කලාපයේ පිහිටා ඇති ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවේ නැගී එන ක්‍රිකට් කේන්ද්‍රස්ථානයක් බවට පත්වෙමින් තිබේ. සෑම අංශයකින් ප්‍රබල සංස්කෘතික විවිධත්වය යාපනයේ සංකේතයක්වන අතර, පාසල්වලින් ක්‍රිකට් ක්‍රීඩාව වැඩි පෝෂණය කිරීමත්, තරුණ දක්ෂතා වර්ධනය වෙමින් පැවැතීමත් සිඳුවෙමින් පවතින අතර, යාපනය විශිෂ්ටත්වයේ මධ්‍යස්ථානයක් ලෙස සැලකේ.
ගාල්ල නගරය ක්‍රිකට් ක්‍රීඩාව සමඟ අද්විතීය බැදීමක් ඇති ඓතිහාසික නගරයකි. ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, යුනෙස්කෝවේ ලැයිස්තුගත කර ඇති ඓතිහාසික වටිනාකමක් ඇති සංකේතයකි. එය ගාලු කොටුවේ සුන්දරත්වය සමඟ වර්ණවත්වී ඇත. දකුණු වෙරළබඩ නගරය වන මෙහි ඇති ඓතිහාසික වැදගත්කම හේතුවෙන් බොහෝ විට ප්‍රමුඛතම ක්‍රිකට් ගමනාන්තයක් ලෙස පිළිගැනීමට ලක්ව ඇති අතර, විශාල ඉතිහාසයක් ඇති විචිත්‍රවත් ක්‍රිකට් සංස්කෘතියක් බිහිවී තිබේ.
මහනුවර කන්ද උඩරට සංස්කෘතික පොහොසත්කම සහ දර්ශනීය සුන්දරත්වය සඳහා ප්‍රසිද්ධියට පත්ව තිබේ. මහනුවර යනු දළදා සමිඳු වන්දනාමාන කරන පූජනීයත්වයේ සංකේතය වේ. පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ද මහනුවරට කීර්තියක් ගෙනදේ. ජාත්‍යන්තර තලයේ ශ්‍රී ලංකාව නියෝජනය කළ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයින් බිහිකිරීමේ ඉතිහාසයක් මහනුවර පුරවරයට ඇත.
හම්බන්තොට දකුණු වෙරළ තීරයේ පිහිටා ඇති දර්ශනීය නගරයකි. මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ (MRICS) ඉතා උණුසුම් තරග රාශියක් දිග හැරුණි. ඓතිහාසික වටිනකාකමක් ඇති වනජීවී උද්‍යානවල සුන්දරත්වය නගරයේ අපූර්වත්වය පෝෂණය කරයි. මෙම විචිත්‍රවත් නගරයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට ක්‍රීඩකයින් බිහිකොට ක්‍රිකට් සිතියමේ තම ස්ථානය තහවුරු කරගෙන ඇත.
මීගමුව වයඹ වෙරළ තීරය සජීවී වෙරළබඩ නගරයක් ලෙස ප්රකටව ඇති අතර, විශේෂයෙන්ම සිත් ඇඳ ගන්නා විචිත්‍රවත් වෙරළ තීරයන් සඳහා ප්‍රසිද්ධය. අලංකාර මීගමු කලපුව දෙස් විදෙස් ආකර්ශනය දිනූ ස්ථානයකි. ශ්‍රී ලංකාවෙන් බිහිවූ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා මීගමුව ප්‍රදේශය කදිම තෝතැන්නක්වී ඇත.