රජය විසින් සැලසුම් කරන ලද ගම්වැදී වගාවන්ට අලාභ හානි කරන රිළවුන් අල්ලා ව්‍යන්ධිකරණය කිරීමේ වැඩපිළිවෙළ අඩාල වී ඇතැයි බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සහ මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ගමගෙදර දිසානායක පැවසුවේ ය.
ගිරිතලේ වන්ධ්‍යාකරණ මධ්‍යස්ථානයේ පශු වෛද්‍යවරුන්ගේ හිඟය, ප්‍රවාහන පහසුකම් සහ අනෙකුත් පහසුකම් නොමැතිකම ඊට හේතු වී ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ය.
ඔහු මේ බව කියා සිටියේ මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදීය.
‘ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට පහසුකම් නොමැතිකම හේතුවෙන් ව්‍යාපෘතිය අතරමග නතර වී තිබෙනවා’ නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ය.
මාතලේ කෘෂි බෝග සංරක්ෂක සංගමයේ සභාපති ඩී.එම්.බී.දවුඩසේකර මහතා පෙන්වා දුන්නේ මෙම ව්‍යාපෘතිය දිගුකාලීන ඵලදායි ව්‍යාපෘතියක් බවත් එය විධිමත් කර ගැටලුව විසඳීමට කටයුතු කළ යුතු බවත්ය.
මේ අතර ප්රමුඛ පෙළේ පරිසරවේදියෙකු වන නයනක රන්වැල්ල කියා සිටියේ වඳුරන් ව්‍යන්ධකරණය කිරීමෙන් උවදුර අඩුවීමට හෝ නැවැත්වීමට නොහැකි බවත් එය තවත් ගැටලු ඇති කළ හැකි බවත්ය.
“වඳුරෙකු වේවා රිළවෙකු වේවා, පිරිමි සතෙකු වේවා ගැහැණු සතෙකු වේවා වන්ධ්‍යාකරණය කිරීමෙන් ඔවුන්ගේ ආයු කාලය තවත් දීර්ඝ වෙනවා. වඳුරෙකුගේ ආයු කාලය අවුරුදු දහයක් නම්, වඳභාවයට පත් කිරීමෙන් සත්වයා තවත් වසර දහයක් ජීවත් වෙනවා. ඔවුන් ආහාර සොයා යාවි. ඔවුන් වැඩි කලක් ජීවත් වුවහොත් තවත් බෝග විනාශ කරාවි. එබැවින් ඔවුන් දැනටමත් නිර්මාණය කර ඇති උවදුර වන්ධ්‍යාකරණයෙන් විසඳේවිද ?’ ඒ වගේම වඳුරු විශේෂ කිහිපයක් ව්‍යන්ධකරණය කිරීමෙන් ඔවුන් වඳ වී යාම ස්ථිරයි. මේ තත්ත්වය තුළ මිනිසුන්ට කළ හැකි හොඳම දෙය නම් ඉතිරි වූ ආහාර නිසි ලෙස බැහැර කිරීමයි. මිනිසුන් තම ඉතුරු ආහාර එළිමහනට විසිකරන නිසා වඳුරන් ආහාර සොයා ගම්වලට පැමිණීමට පුරුදු වී සිටිනවා. ඉතිරිවන ආහාර ඵලදායී ලෙස බැහැර කිරීමෙන් ඔවුන් ගම්වලට පැමිණීම සාධාරණ ප්‍රමාණයකට වළක්වා ගත හැකියි” නයනක රන්වැල්ල වැඩි දුරටත් පැවසීය.