රැමිස් (RAMIS) පද්ධතිය ඵලදායි අයුරින් යොදා ගැනීමට පත් කළ ඇමැති අනුකමිටු වාර්තාව ජනපතිට
- Editor
- July 25, 2024
- Photo Stories
- Photo story
- 0 Comments
ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය (RAMIS) ඵලදායි අයුරින් යොදා ගන්නේ කෙසේද යන්න පිළිබඳව සොයා බලා නිර්දේශ ලබා දීම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ වාර්තාව පසුගියදා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීය.
මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති පිළිබඳ අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ‘ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය (RAMIS) – නඩත්තු සේවා ලබා ගැනීම’ මැයෙන් අමාත්‍ය මණ්ඩල සංදේශ අංක 24/0696/604/079 වෙත ලබා දුන් 2024 අප්‍රේල් මස 8 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව මෙම අමාත්‍ය මණ්ඩල අනුකමිටුව පත් කෙරිණි.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම අනුකමිටුවේ සෙසු සාමාජිකයන් වශයෙන් අමාත්‍යවරුන් වන ටිරාන් අලස් සහ නලීන් ප්‍රනාන්දු යන මහත්වරුන් කටයුතු කළ අතර මෙම අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ ලේකම් ලෙස ජනාධිපති සහකාර ලේකම් රසාලි විජේසූරිය මහත්මිය කටයුතු කළාය.
එසේම මෙම අමාත්‍ය මණ්ඩල අනු කමිටුවට සහාය වීම සඳහා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ධර්මසිරි කුමාරතුංග මහතාගේ සභාපතීත්වයෙන් යුත් නිලධාරීන්ගේ කමිටුවක් ද පත්කර තිබිණ.

