රාජකීය විද්‍යාලයේ ශිෂ්‍ය නායකයින් පත් කිරීම ගැන මානව හිමිකම් කොමිෂමේ නිර්දේශ මෙන්න !

Spread the love

2023/2024 වසර සඳහා ශිෂ්‍ය නායක මණ්ඩලය පත්කිරීමේදී සිදුව ඇතැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් කොළඹ 7 රාජකීය විද්‍යාලයට නිර්දේශ මාලාවක් නිකුත් කර තිබේ.

27 කඩඉම් සීමාව ඉක්මවා ලකුණු ලබා ඇති බැවින් පැමිණිලිකාර ශිෂ්‍යයෙකු වන එම්.ජී.ජයවර්ධන ශිෂ්‍ය නායකයෙකු ලෙස රාජකීය විද්‍යාලයට පත් කළ යුතු බව HRCSL සිය නිර්දේශවල අවධාරණය කරයි.

ශිෂ්‍ය නායක මණ්ඩලයේ සාමාජිකයන් අයථා ලෙස සැලකූ බවට පැමිණිලිකාර එම්.පත්බේරිය විසින් ගොනු කරන ලද පැමිණිල්ලක් රාජකීය විද්‍යාලයේ විදුහල්පතිවරයා විසින් විමර්ශනය කරන ලෙස ද කොමිසම නිර්දේශ කර ඇත.

තවද, අදාළ නිර්ණායක සපුරාලන්නේ නැති ශිෂ්‍ය නායකයින් දෙදෙනෙකු පත් කිරීම සම්බන්ධයෙන් රාජකීය විද්‍යාලයේ විදුහල්පතිවරයා විසින් නිබන්ධන කාර්ය මණ්ඩලය සමඟ සාකච්ඡා කරන ලෙස HRCSL යෝජනා කර ඇත.

ශිෂ්‍ය නායකයින් දෙදෙනකු පත්කිරීම සම්බන්ධයෙන් කොමිසමේ විමර්ශනයට රාජකීය විද්‍යාලය විසින් ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සිදුකරන විමර්ශනයක ප්‍රතිඵලයක් ද කොමිසම අපේක්ෂාවෙන් පසුවේ.

රාජකීය විද්‍යාලය අදාළ පත්වීම් ඵලදායි හා විනිවිදභාවයකින් සිදු නොකළ බවත්, එමගින් අදාළ මාර්ගෝපදේශ උල්ලංඝනය කළ බවත් HRCSL අවධාරණය කරයි. එබැවින් මින් ඉදිරියට මෙවැනි සිද්ධීන් ඇති නොවීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ශිෂ්‍ය නායකයින් පත් කිරීම සඳහා නිකුත් කර ඇති මාර්ගෝපදේශ පිළිපදින ලෙස රාජකීය විද්‍යාලයෙන් ඉල්ලා සිටියි.

2023/2024 ශිෂ්‍ය නායකයින් පත්කිරීමේ ක්‍රියාවලියේදී අයිතිවාසිකම් කඩවීම් සිදු වූ බවට චෝදනා කරමින් රාජකීය විද්‍යාලයේ සිසුන් විසින් ගොනු කරන ලද පැමිණිලි හතකට අනුව මෙම ක්‍රියාව සිදු කෙරේ.

Related Posts