රනිල් වැඩ කරන්නේ ආණ්ඩුවට අවශ්‍ය විදියට – එක්සත් භික්ෂු පෙරමුණ
- RSL
- November 19, 2011
- Uncategorized
- 0 Comments
රනිල් වැඩ කරන්නේ ආණ්ඩුවට අවශ්‍ය විදියට බවත්, මේ වන විට එක්සත් භික්ෂු පෙරමුණද විසුරුවීමට කටයුතු යොදා ඇති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂය දිනවීමට කිසිම දෙයක් නොකරන බව ඊයේ (18) පුස්තකාල ප්‍රලේඛනයේ පැවති මාධ්‍ය හමුවකට එක්වූ එක්සත් භික්ෂු පෙරමුණ කියා සිටියේය.
රනිල් වික්‍රමසිංහ යනු 1994 සිට මේ දක්වා 22 වතාවක් පැරදුණ නායකයෙක් බව ඔවුන් අවධාරණය කරයි. හාමුදුරුවරුන්ගේ උපදෙස් නැතුව ගිය කෙනෙක් කවදාවත් සාර්ථක වී නොමැති බවත්, කහ සිවුරත් එක්ක හැප්පෙන්න අවොත් පන්න පන්න පහර දෙන බව එක්සත් භික්ෂු පෙරමුණ අවධාරණය කරයි.
එම මාධ්‍ය හමුවට මීටියාගොඩ ගුණරත්න, උලපනේ සුමංගල, තලල්ලේ මෙත්තානන්ද හා බෝපිටිය ධර්මේශ්වර යන නාහිමිවරුන් සහභාගී විය.