රටපුරා මත්ද්‍රව්‍ය වැටලීම් රැසක් – සම්පූර්ණ වාර්තාව මෙන්න !

Spread the love

බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය, කටුනායක පොලිස් ස්ථානය, අනුරාධපුර පොලිස් ස්ථානය, පමුණුගම පොලිස් ස්ථානය, බුලත්සිංහල පොලිස් ස්ථානය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ (14) දින සිදුකළ වැටලීම් සම්බන්ධ නිවේදනයක් පොලිස් මාධ්‍ය ඒකකය විසින් ප්‍රකාශයට පත්කර ඇත. ඒම වාර්තාව පහත පළ වේ.

2026.01.14 දින දහවල් කාලයේදී ජා ඇල පොලිස් වසමේ ඒකල හා ඔතේකැලේ ප්‍රදේශවලදී බස්නාහිර පලාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර නීති විරෝධී මත්පැන් ලීටර් 787 ක්, තඹ දඟර 07ක් සමග සැකකරුවෙකු හා නීති විරෝධී මත්පැන් පෙරීමට ගන්නා ගෝඩා ලීටර් 5670 ක් අඩංගු බැරල් 30ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් අවුරුදු 50 හා 59 වයස්වල පසුවන ජාඇල ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

කටුනායක පොලිස් ස්ථානය

කටුනායක පොලිස් වසමේ රම්‍යා තොටුපල ප්‍රදේශයේ පවත්වාගෙන ගොස් ඇති නීති  විරෝධී මත්පැන් තිප්පලක් කටුනායක පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් 2026.01.14 දින සවස වටලා ඇත. නීති විරෝධී මත්පැන් ලීටර් 303ක් හා නීති විරෝධී මත්පැන් පෙරීමට ගන්නා ගෝඩා ලීටර් 7938 ක් අඩංගු බැරල් 42ක් සමඟ සැකකරුවෙකු එහිදී අත්අඩංගුවට පත්වී තිබේ. සැකකරු වයස අවුරුදු 41ක් වන හීනටියන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අනුරාධපුර පොලිස් ස්ථානය

ලද තොරතුරක් මත අනුරාධපුර පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් 2026.01.14  දින සවස කොහිලකොටුව ප්‍රදේශයේදී විසින් වැටලීමක් සිදුකර නීති විරෝධී මත්පැන් ලීටර් 67 ක් හා ගෝඩා ලීටර් 195 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු වයස අවුරුදු 47 ක් වූ අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පමුණුගම පොලිස් ස්ථානය   

පමුණුගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් 2026.01.14 දින දහවල් පමුණුගම පොලිස් වසමේ පුබුදුගම ප්‍රදේශයේ වැටලීමක් සිදුකර නීති විරෝධී මත්පැන් ලීටර් 66ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු වයස අවුරුදු  38ක් වන උස්වැටකෙයියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

බුලත්සිංහල පොලිස් ස්ථානය   

බුලත්සිංහල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් 2026.01.14 දින දහවල් කාලයේ බුලත්සිංහල පොලිස් වසමේ තල්ගස්කන්ද ප්‍රදේශයේදී නීති විරෝධී මත්පැන් ලීටර් 67ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු වයස අවුරුදු  47 ක් වන බුලත්සිංහල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පොලිස් විශේෂ කාර්ය බලකාය    

පොලිස් විශේෂ කාර්ය බලකායේ වව්නතිව් කඳවුරේ නිලධාරීන්  2026.01.14 දින උදෑසන කරවෙට්ටීආරු ප්‍රදේශයේදී නීති විරෝධී මත්පැන් ලීටර් 75 , ගෝඩා ලීටර් 100 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. එමෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකායේ කලවංචිකුඩි කඳවුරේ නිලධාරීන්  එදින උදෑසන සින්නකොඩිආරු පාලමට ආසන්න ඇල ඉවුර ප්‍රදේශයේ වටලා නීති විරෝධී මත්පැන් ලීටර් 35 , ගෝඩා ලීටර් 140 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

Tags: