රටක නීතිය දේශපාලනය කරනවා නම් අපි යුක්තිය සොයාගෙන කොහේ යන්නද? – මාඳුළුවාවේ සෝභිත හිමි.
- RSL
- November 20, 2011
- Uncategorized
- 0 Comments
රටක නීතිය දේශපාලනය කරනවා නම් අපිට යුක්තිය සොයා ගෙන කොහාටද යන්න තියෙන්නේ දැයි ඊයේ පස්වරුවේ කොළඹ පැවති සම්මන්ත්‍රණයක් අමතමින් පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝ පැවසුහ.
පුරවැසි අයිතිය සහ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥයෝ යන සංවිධාන දෙකෙහි මූලිකත්වයෙන් එම සම්මන්ත්‍රණය පැවැත්විය.
රටක නීතිය දේශපාලනය කරනවා නම් අපිට යුක්තිය සොයා ගෙන කොහාටද යන්න තියෙන්නේ මීනිමැරුම් නඩුවක් විභාග වෙමින් යද්දි ඒ නඩුව ඉල්ලා අස් කර ගන්නවා. ඒවාගේම ස්ත්‍රී දූෂණ චෝදනා නිසා ජීවිතාන්තය දක්වා හිරේ ගිය අය නිදහස ලබලා යනවා. චෝදනා නැති අයට නඩු අලුතින් පවරනවා. දැන් පනතක් ආවා ඒවගේ පනතක් පාර්ලිමේන්තුවට එන කොට සම්ප්‍රදායක් තියෙනවානේ, අඩුගානේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට මේකේ ඇතුළෙ මොනවද තියෙන්නේ කියලා කියවන්නත් විනාඩි 5ක් වත් දෙන්න ඔනනේ, කරූ ජයසූරිය මහත්තයත් ඉන්නවා. එකක් කියන්න ඕනේ මේ ඔක්කොම අවාසනාව විපක්ෂයක් නැති කම ඒ නිසා ඔබ තුමාලත් මේකට වග කියන්න ඕන විපක්ෂය තද බල නින්දක”