රජයේ ඇමතිවරු පසුගියදා කළ උද්ඝෝෂණය රඟපෑමක්
- RSL
- August 14, 2011
- Uncategorized
- 0 Comments
එක්දහස් නවසිය පනස් තුනේ හර්තාලය සිහිපත් කිරීමේ වැඩසටහනට සමගාමීව බඩු මිල අඩු කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කරමින් අමාත්‍යවරු ඇතුළු පිරිසක් කොළඹදී උද්ඝෝෂණයක් සංවිධානය කිරීම මේ රටේ ජනතාව තවදුරත් මුලාකිරීමක් බව බහුතර ජනතාවගේ අදහස බව අප ජනතාව සමගින් කළ විමසීමකදී දැනගන්නට ලැබිණි.
රටේ පොදු ජනයාගේ මුදලින් රජයේ වරප්‍රසාද හොඳහැටි භුක්ති විඳිමින් මෙම දේශපාලකයන් කරන්නේ අසරණ ජනතාව ප්‍රෝඩාකාරී ලෙස සමච්චලයට ලක්කිරීමක් විනා සැබෑ ලෙස ජනතාව වෙනුවෙන් පෙනී සිටීමක් නොවන බව අප සමගින් අදහස් දැක්වූ බොහෝ දෙනාගේ අදහසයි.
පසුගියදා (12 අගෝ)පැවති මෙම උද්ඝෝෂණයේදී අදහස් දැක්වු වාසුදේව නානයක්කාර මෙසේ අදහස් පළ කළේය.
“සමහරු අපිට ඇනුම් පද කියනවා ඒ තමයි ඕගොල්ලෙමනේ ආණ්ඩුවේ ඉන්නේ, ඔයගොල්ලන්මයි ඇමතිවරු, මන්ත්‍රීවරු. ඉතින් ඇයි මේ පාරට ඇවිල්ලා ඕගොල්ලෝ කියන්නේ, ආණ්ඩුවට අපි කියන්නේ….., එහෙම ඇනුම් පද අපිට කියනවා. සහෝදරවරුණි මේක තමයි දේශපාලනයේ දන්නාකම හා නොදන්නාකම අතර මායිම අද ජාතික නිදහස් පෙරමුණ ගැන අපි එහෙම විවේචනයකට නොවෙයි. තවත් ඔය ජේ.වී.පී.එක ඒගොල්ලෝ හර්තාලේ අනුස්මරණය කරනවද ඒ ගොල්ලන්ට හර්තාලය තවත් තාලයක් විතරයි. එහෙම නැතුව මේ රටේ වෙච්ච මහා ඓතිහාසික සිද්ධියක් නෙවෙයි”
[youtube yOq-XP_9j68]