ජනාධිපතිවරණය කල් දැමිය යුතු බවට මීට පෙර යෝජනා කළ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, එම ඡන්දය කඩිනමින් පවත්වන්නැයි අද (ජූලි 17) මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කිරීම දේශපාලන කරළිය තුළ කුකුසක් ඇතිකර තිබේ.
රංගේ බණ්ඩාර සමග එම සාකච්ඡාවට එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන ද සහභාගී විය.
මැ.කො. හමුවෙන් අනතුරුව මාධ්‍යවේදීන් සමග ඔවුන් සඳහන් කළේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණය තරග කරන අතර ජනාධිපතිවරණය කල් දැමීමේ සුදානමක් එක්සත් ජාතික පක්ෂයට නොමැති බවය.