යූරියා පොහොර ගොඩබෑමේ කටයුතු ඇරඹේ
- Editor
- October 29, 2022
- ආර්ථික සහ ව්‍යාපාරික, කෘෂිකර්මය
- 0 Comments
මහ කන්නය වෙනුවෙන් ගෙන්වූ පළමු යූරියා පොහොර තොගය නෞකාවෙන් ගොඩබෑමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා.
යූරියා පොහොර රැගත් පළමු නෞකාව පසුගිය 26 වනදා දිවයිනට පැමිණි අතර ඒ අනුව පොහොර මෙට්‍රික් ටොන් 12,500 ක් මෙලෙස චීනයෙන් ගෙන්වා තිබෙනවා.
ඒ අනුව එහි නිරීක්ෂණ චාරිකාවකට එක්වූ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ, ගොවීන්ට නිසි වේලාවට පොහොර ලබාදීමට කටයුතු කරන බවයි.
පළමු පොහොර මුරය වෙනම සහ දෙවන සහ තුන්වන පොහොර මුර සමඟ බන්ඩි පොහොර ලබාදීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

