යූරියා නැව ගැන රේගුවෙන් විශේෂ විමර්ෂණයක්
- Editor
- July 14, 2021
- Uncategorized
- featured
- 0 Comments
ඉන්දුනීසියාවේ සිට යූරියා පොහොර මෙට්‍රික්ටොන් 9795ක් රැගත් නෞකාවක් කොළඹ වරායට පැමිණිම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භකර ඇති බව ශ්‍රී ලංකා රේගුවේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත් සිල්වා මහතා පවසයි.
පසුගිය මැසි මස 06 වැනි දින සිට රසායනික පොහොර මෙරටට ආනයනය කිරීම තහනම්කර ඇති පසුබිමක මෙලෙස යූරියා පොහොර රැගත් නෞකාවක් කොළඹ වරායට පැමිණීම දැඩි ආන්දෝලනයක් ඇතිකර තිබේ.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කරමින් රේග්‍ර මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ මෙම යූරියා තොගය නැව්ගත කළ දිනය සහ අදාළ නෞකාව මෙරටට පැමිණීමට ගමන් ආරම්භකළ දිනය පිළිබඳව ද කරුණු සොයාබලන බවයි.
‘‘ඉන්දුනීසියාවේ සිට පැමිණ ඇති මෙම නෞකාවේ යූරියා මෙට්‍රික් ටොන් 9795ක් තිබෙන බව වාර්තා වෙනවා. මෙම යූරියා තොග නැව්ගත කර ඇත්තේ මෙරට රසායනික පොහොර තහනම පැනවීමට පෙර ද එසේත් නැතිනම් පසුව ද යන්න සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුකරමින් විමර්ශන සිදුකරනවා. ඒ අනුව විමර්ශන අවසන් වන තෙක් අදාළ නෞකාව රේගු භාරයේ රඳවා තබාගන්නවා‘‘

