යාල ජාතික වනෝද්‍යානයට ජනවාරි සිට අගෝස්‌තු මස දක්‌වා මාස 8ක කාලය තුළ පැමිණි දෙස් විදෙස් සංචාරකයන් ගෙන් ලැබුණු ආදායම රුපියල් දහ සය කෝටි හැට පන් ලක්‌ෂ පහළොස් දහසක් වන බැව් ගොවිජන සේවා අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා පැවසී ය.
පසුගිය දා වනෝද්‍යානය තුළ කළ නිරීක්‍ෂණ චාරිකාවෙන් පසු පැවැති මාධ්‍ය හමුවේ දී තවදුරටත් අදහස් දැක්‌වූ අමාත්‍යවරයා කියා සිටියේ, ආදායම් ලබනවා වගේ ම වනෝද්‍යානය තුළ ජීවත් වන වන සතුන් ගේත් සංචාරකයන් ගේත් අවශ්‍යතා සපුරා ලීම අත්‍යවශ්‍ය බවයි.
මේ රටේ තිබෙන සියලු ම ජාතික වනෝද්‍යාන 2012 වන විට දෙස් විදෙස් සංචාරකයන්ට අංග සම්පූර්ණ වනෝද්‍යානයක් ලෙස සකස් කළ යුතුයි. වන සතුන් ගේ පානීය හා අනෙකුත් ජල අවශ්‍යතා සඳහා වැව් ප්‍රතිසංස්‌කරණය කළ යුතුයි. යාල වනෝද්‍යානය තුළ පිහිටි මණ්‌ඩාගල වැව ප්‍රතිසංස්‌කරණය කර පටනංගල වෙරළ ආශ්‍රිත සංචාරක නිකේතනය ගොඩ නැංවීමටත් පියවර ගත යුතුයි” යනුවෙන් පැවසී ය.
- Sunday
- December 22nd, 2024