රාජිත ජනපතිටත් ඉහළින්!
- RSL
- March 28, 2016
- Uncategorized, පුවත් සහ වාර්තා
- news, reports, Sri Lanka Political
- 0 Comments
යහපාලන ආණ්ඩුව නමින් හැඳින්වෙන සම්මුතිවාදී ආණ්ඩුවේ මහින්ද ක්‍රමයට වැඩ කරන්නට තතනන දෙතුන් කට්ටුවක් සිටිති. ඇමැති අර්ජුන ප්‍රමුඛ නඩය සහ රාජිත සේනාරත්න ප්‍රමුඛ නඩය ඒ අතරින් ඉදිරියෙන් ම සිටිති.
මේ කියන්නට යන්නේ, ඇමැති රාජිත ගැන කතාවකි. සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ආමාත්‍ය ධුරය දරන රාජිත සේනාරත්නගේ ක්‍රියා කලාපය ඉතා ම අත්තනෝමතික බව බොහෝ දෙනා දන්නා කරුණකි. මාලබේ ඊනියා වෛද විද්‍යාලය සම්බන්ධව ඔහුගේ මැදිහත්වීම ඒ අතරන් විශේෂිත ය.
කෙසේ වෙතත්, රාජිතට පෙර සෞඛ්‍ය ආමාත්‍ය ධුරය දැරුවේ වත්මන් ජනපතිවරයා ය. ඔහු තම සීමාවන්ට යටත් ව අතිශය සංකීර්ණ සේ ම වංචාව රජයන තැනක් වූ ඒ අමාත්‍යංශය හරි පාරකට ගැනීමට තැත් දැරුවේ ය. නමුත් දැන් දැනගන්නට ලැබෙන පරිදි රාජිත ඇමැතිවරයා විසින් ජනපතිවරයා විසින් එවක ගත් ක්‍රියාමාර්ග පවා නොසලකමින් අති අත්තනෝමතික ලෙසින් පත් කිරීම් ආදිය ඉවත් කරමින් නව පත්කිරීම් කරමින් යන බව දැනගන්නට ඇත.
මේ තත්ත්වයන් හරහා පෙනෙන්නට ඇත්තේ ඔහු ජනපතිවරයාට ද ඉහළින් සිටින්නට වැර දරන බව මිස අනෙකක් නොවේ. කැලේ ගස් නසන්නට කැලේ ගසක් ම උදව් වන්නාක් මෙන් මේ වැනි ඇමැතිවරුන් සම්මුතිවාදය විනාශය කරා ගෙන යනු ඇති බවට සැකයක් නැත
